Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කොරෝනා වෛරසයේ අධික බෝවන ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් රට තුළ ආසාදන ඉහළ යාමට හේතු වන හෙයින් පාසල් යන වයසේ දරුවන් සඳහා කොවිඩ්-19 එන්නත් අනිවාර්ය කිරීමේ නියෝගවලට තමා සහාය දෙන බව එක්සත් ජනපදයේ ඉහළම බෝවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆවුසි පවසයි.

"පාසලේදී ළමයින්ට එන්නත් අනිවාර්ය කිරීම හොඳ අදහසක් යැයි මා විශ්වාස කරනවා. පෝලියෝ, සරම්ප, රුබෙල්ලා, හෙපටයිටිස් එන්නත් අවශ්‍ය වූවා සේම මේ එන්නතත් අවශ්‍යයි. අපි මෙය දශක ගණනාවක් තිස්සේ කර "තිබෙන දෙයක්." ෆවුසි පැවසීය.

මේ වනවිට වයස අවුරුදු 12ට අඩු දරුවන්ට කොවිඩ්-19 එන්නත ලබාදීම අනුමත කර නැත. නමුත් ෆවුසි පැවසුවේ එම වයස් සීමාව යටතේ පසුවන ළමයින්ටද එන්නත් ලබාදීම ආරක්ෂිත දැයි සලකා බැලීමට එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනයට එලැඹෙන ඔක්තෝබර් මස මුල වනවිට ප්‍රමාණවත් දත්ත තිබිය යුතු බවයි.

එළඹෙන නිවාඩු කාලයට පෙර 12ට අඩු ළමයින් සඳහා ෆයිසර් හෝ මොඩර්නා එන්නත් ලබාදීමට අවසරය ලබා ගැනීමට සාධාරණ අවස්ථාවක් ඇතැයි තමා විශ්වාස කරන බවද ජාතික අසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ සහ ජනපති බයිඩන්ගේ ප්‍රධාන වෛද්‍ය උපදේශක ෆවුසි වැඩිදුරටත් පැවසීය.

නරේන් විශ්වජිත්

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.